සැකයක් තියාගෙන ඩිස්නීස් සිලෝන් කෑන් කල නිෂ්පාදන ගන්න එපා !
කල්තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් නැතිව ඩිස්නීස් සිලෝන් කෑන් කල ආහාර මාස 12ක් කල්තබාගන්න පුළුවන් වෙන්නේ කොහොමද?
මේ අපෙන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්.
ඩිස්නීස් සිලෝන් අපි අපේ ආහාර සඳහා කිසිම කෘතීම කතබාගැනීමේ ද්‍රව්‍යයක්, කෘතීම රසකාරකයක් හෝ වර්ණකාරකයක් භාවිතා නොකරන බව නැවත නැවතත් සහතික කරමින්ම මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන්නම්.
අපගේ කෑන් නිෂ්පාදන අන්තර්ජාතික තත්ත්ව සම්මතයන්ට අනුකූලව අධිපීඩන ක්‍රියාවලියක් යටතේ සෙල්සියස් අංශක 122ක උෂ්ණත්වයේ ජීවාණුහරණය කිරීම මීට හේතුවයි. මෙම ක්‍රියාවලිය මඟින් කෑන් කල ආහාර ශීතකිරීමකින් තොරව දීර්ඝ කාලයක් ගබඩා කර තැබිය හැකියි. ඒ ඒ නිෂ්පාදනය අනුව මාස 12 සිට මාස 36ක පමණ කාලයක් කිසිදු නරක්විමකින් තොරව ආහාර කල්තබාගැනීමට මේ තාක්ෂණය ලොව පුරා භාවිතා කරනවා. මේ වනවිට කෑන් පමණක් නෙමෙයි, ඇලුමිනියම් ෆොයිල් පැක් වල ඇසුරූ කෑම පවා කල්තබාගැනීම පිණිස ලංකාවෙත් ලෝකෙ වෙනත් බොහෝ රටවලත් මේ තාක්ෂණය භාවිතා කරනවා.
“Retort Cooking” යනුවෙන් ඇතුලත් කර අන්තර්ජාලයේ ඔබට මේ පිලිබඳව තොරතුරු දැනගන්න පුළුවන්.
ඉතින් ඩිස්නීස් සිලෝන් කෑන් කල ආහාර වල කෘතීම කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගුවී ඇතැයි පුංචි හරි සැකයක් ඔබට තිබුනා නම් දැන් එය නිවැරදි වෙන්න ඇති.
ආහාර කියන්නේ අපේ මූලිකම අවශ්‍යතාවයක්, අපේ සෞඛ්‍යය රඳා පවතින්නේ අපි ගන්න ආහාර අනුව. ඉතින් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්, මුදල් වෙනුවෙන් අපේ ශරීරයට/සෞඛ්‍යයට අහිතකර කිසිම දෙයක් අපේ ආහාර වලට අපි නම් එකතු කරන්නේ නෑ.
අපේ සෑම ආහාර වට්ටෝරුවක්ම සමන්විත වෙන්නේ අපේ දේශීය කුළුබඩු වලින්, ඒ වගේම අපි මැටි හට්ටියේ දර ලිපේ කෑම උයන නිසා ගමේ රස උපරිමයෙන් ඔබට ගෙන එන්නට අපිට හැකියි. ඉතා සීමිත කෑන් ගණනක් පමණක් අපිට නිෂ්පාදනය කරන්න වෙන්නෙත් ඒ නිසාම තමයි.
කොයි තරම් ඇණවුම් ලැබුනත් අපේ ගමන හෙමින්… අපේ රටේ ගමේ රස හොඳම විදියට දෙන එක අපේ අංක එක…
මේ ගැන තව විස්තර ඕනෙ නම් +94 70 11 55 666න් අපිට කතාකරන්න.
සැකයක් තියාගෙන ඩිස්නීස් සිලෝන් කෑන් කල නිෂ්පාදන ගන්න එපා !