ඩිස්නීස් සිලෝන් පොලොස් ඇඹුල

🍈 ඩිස්නීස් සිලෝන් පොලොස් ඇඹුල 🍲
ගමේ රසට කැමති ශ්රී ලාංකික ඔබ වෙනුවෙන්ම ඉතා පහසුවෙන් පිස ගත හැකි රසවත් “පොලොස් ඇඹුල” දැන් විජලිත පොලොස් හා විශේෂයෙන් සැකසුනු කුළුබඩු පැකැට්ටුවත් අනෙකුත් අවශ්ය ද්රව්ය පැකැට්ටුවත් සමඟින්ම ඔබ වෙත ගෙන එන්නෙමු. මෙහි කිසිදු කෘතීම රසකාරක හෝ කල්තබාගැනීමේ ද්රව්යක් අඩංගු නොවේ.
කාර්ය බහුල ඔබට නියම දේශීය රසයෙන් “පොලොස් ඇඹුල” පිස ගැනීම දැන් ඉතා පහසුයි. විශේෂයෙන් විදෙස්ගත ඔබට සුලභව නොලැබෙන නියම ශ්රී ලාංකීය රස ඔබ වෙත ගෙන එන්නට අපි හැමවිටම කැපවන්නෙමු.
🍱 අවශ්ය ද්රව්ය:
🔸ඩිස්නීස් සිලෝන් විජලිත පොලොස් පැකට් 1
🔸පොල්කිරි කෝප්ප 2ක් පමණ
🔸කපාගත් ළුෑණු ගෙඩියක්
🔸සුදුළුෑණු බික් 2-3ක් පමණ
🔸ලුණු අවශ්ය පරිදි
විශේෂයෙන් සළකන්න: ඩිස්නීස් සිලෝන් විජලිත පොලොස් පැකැට්ටුව තුල ඇති කුළුබඩු පැකැට්ටුවෙහි සාම්ප්රදායික පොලොස් ඇඹුල සඳහා අවශ්ය සියලු දේශීය කුළුබඩු නියමිත ප්රමාණ වලින් ඇත. එම සම්පූර්ණ පැකැට්ටුව එක් විජලිත පොලොස් පැකැට්ටුවක ඇති පොලොස් සඳහා නියමිත ප්රමාණය වේ. එමෙන්ම අනෙක් පැකැට්ටුව තුල රම්පේ, කරපිංචා හා ගොරකා ඇතුලත් වේ. ඉහළම රසය සඳහා මේ සියල්ල එකතු කරගැනීම අවශ්ය වේ.
🫕 සාදාගන්නා ආකාරය:
1. ඩිස්නීස් සිලෝන් විජලිත පොලොස් පැකැට්ටුව විවෘත කර එහි ඇති කුලුබඩු හා අනෙක් ද්රව්ය ඇතුලත් පැකැට්ටු දෙක ඉවත් කර පොලොස් කැබලි පමණක් භාජනයකට දමන්න. දැන් එයට ජලය එක් කර මිනිත්තු 20-30ක් පමණ පෙඟෙන්න තබන්න.
2. පොලොස් කැබලි මෙලෙක් තත්ත්වයට පෙඟුනු පසු ජලය පෙරා එය සාස්පානකට හෝ ඇතිලියකට දමන්න. එයට ජලය කෝප්ප 2ක් පමණ එකතු කරන්න.
3. ඩිස්නීස් සිලෝන් පොලොස් පැකැට්ටුව තුලම පොලොස් ඇඹුල සඳහා අවශ්ය සියලු කුලුබඩු ඇතුලත් පැකැට්ටුවක් සහ රම්පේ, කරපිංචා හා ගොරකා ඇතුලත් පැකැට්ටුවක් ඇත. දැන් මේ පැකට් දෙකෙහිම ඇති සියලු ද්රව්ය පොලොස් මාලුවට එකතු කරන්න.
4. ඊටම ළුෑණු, සුදුළුෑණු හා ලුණු අවශ්ය පරිදි එකතු කරන්න.
5. දැන් මිනිත්තු 20-30ක් පමණ මඳ ගින්නේ හොඳින් පිසගන්න.
6. පොල් කිරි කෝප්ප 2 දැන් එයට එක් කරන්න. තවත් මිනිත්තු 15-20ක් පමණ මඳ ගින්නේ පිසගන්න.
දැන් 🇱🇰 ශ්රී ලාංකීය ගමේ රසට ඔබේ පොලොස් ඇඹුල සූදානම් !🥣
0 likes (You must login to like)